ත්‍රි,මලේ පාසලක් කොවිඩ් නිසා වසයි.

ත්‍රිකුණාමලය චීන වරාය ද්‍රවිඩ මහා විද්‍යාලයේ ගුරුවරියකට කොවිඩ් ආසාදනය වීම නිසා එම පාසල දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ.

පාසල මෙලෙස වසාදැමීමට හේතුවී ඇත්තේ අදාළ ගුරුවරියට දෙදිනකට පෙර පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකර තිබියදී ඊයේ දිනයේදීත් පාසලට පැමිණ තිබීම හේතුවෙනි.

මේ අතර හලාවත කෙසෙල්වත්ත පොලිස්  ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයෙකුට වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම පොලිස් ස්ථානය අද උදෑසන තාවකාලිකව වසා දැමුණි.