ඩෑන් නමින් ව්‍යාජ ෆේස් බුක් ගිණුමක් සකසා ජාතීන් අතර ගැටුමක් ඇතිකිරීමට තැතක්.

සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් මහතා නමින් ව්‍යාජ ෆේස් බුක් ගිණුමක් සකසා ඒ හරහා අවසන් මොහොතේ ජාතීන් අතර අසමගියක් ඇතිකොට ජාතීන් අතර ගැටුමක් ඇතිකිරීමට යම් පිරිසක් විසින් උත්සහ දරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඩෑන් ප්‍රියසාද් මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරන බවට විශාල වශයෙන් මුල සිට ප්‍රචාරයක් ලබා දුන් එම පිරිස අවසන් මොහොතේ එම ව්‍යාජ ෆේස් බුක් ගිණුම හරහා අන්‍ය ජාතීන් කලබලයට සහ කළකිරීමට පත් කරවන ප්‍රකාශ නිකුත් කිරීමට සැලසුම්කොට තිබෙන වග සැලවේ.
එම මහතා මේ කරුණ සම්බන්ධයෙන් කොළඹ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කොට තිබේ.