ජුනි 04 – 05 දිනවල මැනිං වෙළෙඳපල වසා තැබෙයි
ජුනි 04 සහ 05 යන දෙදින රට පුරා ඇඳිරි නීතිය පැණවෙන බැවින් එදින කොළඹ මැනිං වෙළෙඳපල වසා තැබෙන බව එහි පොදු වෙළද සංගමයේ උප සභාපති නිමල් අත්තනායක මහතා පවසයි.
එම දින දෙකෙන් එක් දිනයක මැනිං වෙළදපලේ විෂබීජහරණ කටයුතු සිදුකෙරෙනු ඇත.
ගෙවී ගිය සති කිහිපය තුල විෂබීජහරණය වෙනුවෙන් වෙළඳපල ඉරිදා දින වසා තැබුවද මේ සතියේදී ඉරිදා දින මැනිං වෙළඳපල විවෘතව තබන බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.