ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු වෙනුවෙන් ගෙවනු ලබන පොලිය අඩු කළ බවට පළ වන වාර්තා අසත්‍ය බව අගමැති කියයි

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු වෙනුවෙන් ගෙවනු ලබන පොලී අනුපාතයේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බවත් මෙතෙක් පැවැති පොලී අනුපාතය අඛණ්ඩව ක්‍රියාත්මක බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එවැනි වෙනස් කිරීමක් සිදු කරන්නේ නම් තමන් මුදල් ඇමැතිවරයා ලෙස එය දැන ගත යුතු බව පවසන අගමැතිවරයා විරුද්ධවාදීන් එවැනි බොරු ප්‍රචාර මේ කාලයේ පතුරුවා ගෙන යන බව කීවේය.එක්තරා පුවත් පතක්ද එය වාර්තාකර ඇති බවත් එය නිවැරැදි කරාවි යැයි තමන් විශ්වාස කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ අරමුණින් වීරකැටිය මැදමූලන ප්‍රදේශයේ ජන හමුවකට සහභාගි වෙමින් අගමැති රාජපක්ෂ මහතා කියා සිටියේය.