ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්

ජනාධිපතිවරයා විසින් කරනු ලබන නිවේදන ලෙස දක්වමින් විවිධ බොරු ප්‍රචාර ගෙන යන කන්ඩායම් පිලිබඳ තොරතුරු ලැබී ඈතිබව ජනාධිපති මාධ්‍ය අංශය සංදහන් කරයි.
දැනට අප රටේ පවතින COVID-19 ව්‍යසන තත්ත්වය නිසා බොහෝ ශ්‍රී ලාංකිකයින් විවිධ අන්දමේ අපහසුතාවයන්ට ලක්ව ඇති මොහොතක ජනතාවගේ ගැටළු උපයෝගී කර ගනිමින් බොරු ප්‍රචාර පැතිරවීම ඔස්සේ නොයෙකුත් අයුතු වාසි බලාපොරොත්තු වන යම් යම් කණ්ඩායම් විසින් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ බව හැඟවෙන සාවද්‍ය පුවත් කිහිපයක් සමාජ මාධ්‍ය පිටුවල පළකර ඇති බව නිරීක්ෂණයට ලක්ව තිබේ.
ජාතියක් ලෙස අප ව්‍යසනයකට මුහුණ දෙන මෙම මොහොතේ සිදුකරන මෙවැනි ක්‍රියා තරයේ හෙළාදකින බව පවසන ජනාධිපතිවරයා නිල වෙබ් සහ සමාජ මාධ්‍ය පිටු ඔස්සේ මුදාහරින පණිවිඩ පමණක් පරිශීලනය කරන මෙන් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලීමක් කරයි.