ජනපති 18 ජාතිය අමතයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන 18 වැනිදා ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඒ අනුව 18 වැනි බදාදා රාත්‍රි 8.30ට ජනාධිපතිවරයා විසින් සිදුකරන ජාතිය ඇමතීමේ විශේෂ ප්‍රකාශය සියලු රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.