ජනපති දළදා සමිඳුන් වැඳපුදාගනියි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.
ඉන් පසුව ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤානරතන නායක හිමිපාණන් වහන්සේද බැහැ දැක උන්වහන්සේ විසින් සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද ලබාගත්තේය.පසුව අස්ගිරිය ශ්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලයේ දී රංගිරි දඹුළු මහා විහාරාධිපති මහනුවර අස්ගිරි මහා විහාරයෙහි ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල නායක හිමියන්  බැහැදුටු ජනපතිවරයා එහිදී  අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නායක හිමියන් සමඟ ද සාකච්ඡා කළේය.