ජනතාගේ අපේක්ෂා ඉටුකර ගැනීමට බහුතර බලය සහිත ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගිය යුතුයි.මහින්ද කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්කරමින් ජනතාගේ අපේක්ෂා ඉටුකර ගැනීමට බහුතර බලය සහිත ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මහනුවර හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේ ඊයේ (30)පැවති ජනහමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක දිලුම් අමුණුගම මහතා විසින් මෙම ජනහමුව සංවිධානය කර තිබුණි.