ගෝඨාභය ජාතික ආරක්ෂාව ගැන කතා කිරීම විහුළුවක්.චන්ද්‍රිකා කියයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කිරීම ශතවර්ෂයේ ලොකුම විහිළුව බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය. දර්ගා නගරයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහත්මිය මේ බව සදහන් කළාය.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ ජන රැළියක් අලුත්ගම දර්ගා නගරයේදී පැවැත්වුණි. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, සිවිල් සංවිධාන නියෝජිතයන් සහ මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මේ සදහා එක්ව සිටියහ. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ද ප්‍රථම වතාවට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජන හමු වේදිකාවක දී අදහස් දැක්වුවේය.