ගෝඨාභයගේ ගමනට සහය වෙනවා.
හිටපු ජනාධිපති කියයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටට හිතකර ගමනක් යෑමේ උත්සහයක නිරතවෙමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොළොන්නරුව හිගුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙම ගමනට සියලුදෙනා එක්ව සහය දැක්විය යුතු බවයි.ඒ සඳහා පක්ෂ පාට භේදයකින් තොරව එක්විය යුතු බවයි.