ගෑස් මිල වැඩිවෙන්නෙ නෑ.අගමැතිවරයා කියයි.

රටේ ගෑස් හිඟයක් නැති බවත්, උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නැති බවත් මුදල් ඇමැති සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

වර්තමාන ආර්ථික තත්ත්වය හා වෙළෙඳපොළ සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පෙරේදා (17) පැවති සමාලෝචන සාකච්ඡාවට එක් වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය. සහල්, පොල්, කිරිපිටි, මාළු, මස්, බිත්තර, පරිප්පු හා ධාන්‍ය, ලොකු ලූනු හා රතු ලූනු, අර්තාපල්, එළවළු සහ පලතුරු මිල ගණන් මෙන්ම ගෑස් සඳහා පාරිභෝගිකයන්ට සහන සැලසීම පිළිබඳද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී තිබේ.

ගෑස් මිල වැඩි කරන්නැයි කෙරෙන බලපෑම් සම්බන්ධයෙන් අදහස් පළ කළ බැසිල් රාජපක්ෂ මහතා, කොවිඩ්-19 වසංගතය සමඟ ලෝක ගෑස් මිල පහත වැටී තිබූ අවදියේ එම ලාභය අදාළ සමාගම් හිමි කර ගත් බවත්, එදා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ රැකියා පවා ආරක්ෂා කරමින් රජය ගත් පියවරට වර්තමානයේ සහාය දීම යුතුකමක් බවත් පැවසීය.