ගත වූ පැය 24ට කිසිදු වෛරස ආසාදිත රෝගියෙකු මෙරටින් වාර්තා නොවෙයි

ගත වු පැය 24ක කාලය තුළ මෙරටින් කිසිදු කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව සුවය ලබා පිටව ගිය මුළු සංඛ්‍යාව 68ක් බව වසංගත රෝග විද්‍යා අංශ වාර්තාවල සදහන් වෙයි.

මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් 238 දෙනෙකු වාර්තා වී ඇත.

ඒ අනුව තවදුරටත් ආසාදිතයින් 163 දෙනෙකු වෛද්‍යා අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

කොවිඩ් වෛරසය ආසාදිත වීමෙන් මෙරට තුළ පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් ඇත