කොළඹ නගරය සංවර්ධනයට විධිමත් සැලසුම ඉදිරියට ගෙන යනවා.ගෝඨාභය කියයි.

කොළඹ නගරය තුළ පවතින වාහන තදබදය අවම කිරීම සඳහා විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර ඇති බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය පාලන සමය තුල එවන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කලද වත්මන් රජය එම වැඩසටහන් නතර කිරීමට පියවර ගෙන ඇති බවයි.

කොලොන්නාව ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වු තවත් ජන රැළියක් රාජගිරිය ප්‍රදේශයේ පැවති අතර ඒ සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක මහතාද සහභාගී විය.