කොවිඩ් සඳහා ලබාදෙන පළමු එන්නත් තොගය 27 මෙරටට.ජනපති කියයි.

කොවිඩ් 19 වැලැක්වීමට ලබාදෙන පළමු එන්නත් තොගය ජනවාරි 27 වනදා මෙරටට ඉන්දියාවෙන් ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කළුතර වලල්ලාවිට පැවැත්වෙන “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එළෙස ලැබීමට නියමිතව ඇත්තේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් මර්දන එන්නත ය.

ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පළමු එන්නත් තොගය ලෙස එන්නත් හය ලක්ෂයක (600,000) තොගයක් රැගෙන එන බවය.