කොවිඩ් මඩින්න පොලිසියට අලුත් චක්‍රලේඛයක්

කොවිඩ් මර්දන ක්‍රියාවලිය සඳහා පොලිසිතුළ ගතයුතු ක්‍රියාමාර්ග පැහැදිලි කරමින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත විශේෂ පණිවුඩයක් නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව ඔහු සඳහන් කළේ, යම් පොලිස් නිලධාරියෙක් හෝ නිලධාරින් පිරිසක් හුදකලා කරන ලද ප්‍රදේශයක පදිංචිකරුවකු නම් ඔවුන්ට රාජකාරී වාර්තා කිරීමකින් තොරව අදාළ හුදකලා කාලය අවසන් වනතුරු එම පරිශ්‍රයන්ට වී රැඳීසිටින ලෙසය.

මේ අතර පොලිස් ස්ථානවල භාවිත කරන තොරතුරු පොත් සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

එහි දැක්වෙන්නේ පොලිස් ස්ථානවල ඇති තොරතුරු පොත් භාවිත කිරීම සීමාකරන ලෙසය. එහිදී උපසේවක නිලධාරියා විසින් පමණක් අදාළ නිලධාරීන්ගෙන් කරුණු විමසා තොරතුරු පොතෙහි සටහන් යෙදිය යුතු බවට ඉන් දැනුම් දී තිබේ.

අත්‍යවශ්‍ය විමර්ශන කටයුත්තක දී හැරෙන්නට අනෙක් සෑම අවස්ථාවකදීම පොලිස් ස්ථානවල ඇති තොරතුරු පොත් සීමිත නිලධාරීන් සංඛ්‍යාවක් විසින් පමණක් භාවිත කළ යුතු බවද දැනුවත් කිරීමේ චක්‍රලේඛයේ තවදුරටත් සඳහන් ය.

Close Menu