කොවිඩ් එන්නත ලබාදීම ඇරඹෙයි.

ඉන්දිය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට රැගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලබාදීම බස්නාහිර පළාතේ රෝහල් 6 කදී අද (29) ආරම්භ වේ.

ඉන් අනතුරුව එන්නත් කිරීම් කටයුතු හෙට (30) දිනයේ සිට සෙසු පළාත්වල සිදුකෙරෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඊයේ (28) දිනයේ මෙරටට ලැබුණ එම එන්නත්, මධ්‍යම එන්නත් ගබඩාව මඟින් බෙදාහැරීම් කටයුතු ඊයේ රාත්‍රියේදීම ආරම්භ කරනු ලැබීය.