කොවිඩ් එන්නත ලක්ෂ දෙකකට

මෙරට ක්‍රියාත්මක “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා”  එන්නත්කරණ වැඩසටහන යටතේ මේ දක්වා පුද්ගලයින් 207,843 දෙනෙකුට එන්නත් ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත බස්නාහිර පළාතේ මහජනතාව සමඟ සමීපව කටයුතු කරන කණ්ඩායම් ඇතුළු පුද්ගලයින් 57,000 කට “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා” එන්නත් ලබා දීමේ වැඩසටහන ඊයේ (17) දිනයේ සිට ආරම්භ කෙරුණි.

ඒ අනුව පුද්ගලයින් 11,680 දෙනෙකුට එන්නත් ලබාදීම සිදුකළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව සති 10ත් 12ත් අතර කාලයකදී ලබාදීමට සැලසුම් කර ඇති බව ද නියෝජ්‍ය  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.