කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 242 ක් දක්වා ඉහළට

අද (17) දිනයේ තවත් කොවඩ් නයින්ටීන් ආසාදිතයින් සිව්දෙනෙකු හදුනාගෙන තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 242 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි

අද දිනයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් තිදෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින අය බව එම අමාත්‍යාංශය සදහන් කළේය.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 9 දෙනෙකු අද දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.ඒ අනුව වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 77ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ආසාදිතයින් 158 දෙනෙකු මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් මෙරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 7 කි.