කොරෝනා සුව වූ පළමු ‍නාවික හමුදා නිලධාරියා IDH රෝහලින් පිටව යයි
අප්‍රේල් මස 25 වන දින කොවිඩ් – 19 ආසාධිතයෙකු වශයෙන් හදුනා ගැනීමෙන් පසුව අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා නිලධාරියා ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා ඊයේ(03) රෝහලින් පිටව ගොස් ඇත.
මෙම නාවික පුද්ගලයා පසුගිය 22 වන දින සිට නිවාඩු මත සිටියදී අප්‍රේල් මස 25 වන දින රත්නපුර රෝහල වෙත ඇතුලත් කර පීසීආර් පරීක්‍ෂණයක් සඳහා යොමු කිරීමෙන් පසු කොඩිව් – 19 ආසාධනය වී ඇති බව හදුනා ගැණුනි. පසුව ඔහු ප්‍රථිකාර සඳහා එදිනම අයිඩීඑච් රෝහල වෙත යොමු කරන ලද අතර, අයිඩීඑච් රෝහලේ ප්‍රථිකාර ලබා දීමේදී වරින් වර සිදු කල පීසීආර් පරීක්‍ෂණ තුනක  ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් ඔහුගේ සිරුර තුල නොමැති බව තහවුරු වීම නිසා ඊයේ රෝහලින් පිටත් කර හැරීමට කටයුතු කර ඇතැයි නාවික හමුදාව සදහන් කළේය.
අදාල නාවික පුද්ගලයා රෝහලින් පිටත්ව ගියද සෞඛ්‍ය උපදෙස් මත තවත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, ඔහුගේ පවුලේ සමාජිකයින්ද මේ වන විට බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායන ක්‍රියාවලියකට යොමු කර සිටී