කොරෝනා රෝගීන් ගණන 523 ක් වෙයි.

ඊයේ(26) මධ්‍යම රාත්‍රිය වනවිට තවත් කොරෝනා ආසාදිතයින් 18 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 523 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ඊයේ දිනයට පමණක් කොරෝනා ආසාදිතයින් 63 දෙනෙකු වාර්තා වී තිබේ.

ප්‍රතිකාර ලබා සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 120 කි.

තවත් පුද්ගලයින් 396 දෙනකු වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.