කොරෝනා මැඩලීමේ කලාපීය අරමුදලක්. මෝදිගෙන් ඩොලර් මිලියන දහයක්.

කොරෝනා වෛරසය මේ වන විට මුළු ලෝකයම භයානක අවදානමකට පත්කොට ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා සඳහන් කළේය. ඔහු මේ බව සඳහන් කරනු ලැබුවේ Covid -19 හෙවත් නව කොරෝනා වෛරසයට එරෙහි සාක් නායක සටන  – ලෝකයට පූර්වාදර්ශයක්”නමින් සාර්ක් කළාපීය නායකයන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාව සඳහා එක් වෙමිනි. කලාපීය වශයෙන් එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
කලාපීය වශයෙන් කොරෝනා වසංගතයට මුහුණදීමට අරමුදලක් පිහිටුවීමේ වැදගත්කම පෙන්වා දුන් මෝදි මැතිතුමා එය ආරම්භ කරමින් ඩොලර් මිලියන 10ක පරිත්‍යාගයක් කරන බවද පැවසීය.
සාර්ක් සාමාජික රටවලට වෛරසය මර්දනයට අවශ්‍ය සියලු පහසුකම් හා සේවා සැලසීමට ඉන්දියාව සූදානමින් සිටින බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රි ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ,ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි ,ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රොෆ් ඝානි ,මාලදිවයින ජනාධිපති ඊබ්‍රාහිම් මෙහොමඩ් සොලී,බංග්ලාදේශ් අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා, නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඔලි ,භූතාන අග්‍රාමාත්‍ය ලොටේයි ෂෙරින්ග් සහ පාකිස්ථාන සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය සෆර් මෙන්සා යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.