කොරෝනා ගැන බොරු ප්‍රචාර එපා.පොලීසිය කියයි

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයින් හමු වී ඇති බව සඳහන් කරමින් කටකතා සහ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

කොරෝනා ආසාදිතයින් පිළිබඳ කටකතා සහ සමාජ ජාල ඔස්සේ අසත්‍ය ප්‍රචාර කිරීම සංවිධාත්මකව සිදු වන බවට තොරතුරු වාර්තා වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

එවැනි තොරතුරුවලට නොරැවටෙන ලෙස පොලීසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටී.

කොරෝනා ආසාදිතයින් පිළිබඳ ව කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය හෝ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන නිල නිවේදන පමණක් විශ්වාස කරන ලෙස ද එම නිවේදනයේ දැක්වේ.