කොරෝනා ආසාදිතයින් ගණන 218 දක්වා නගී

ඊයේ(13) රාත්‍රියේ තවත් එක් ආසාදිතයෙක් වාර්තා වීමත් සමඟ ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 218 දක්වා ඉහළ ගොස් ඇත.

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට මෙරට තුළ පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 155 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 88 දෙනෙකු , නැගෙනහිර කොළඔ මුලික රෝහලේ 28 දෙනෙකු හා වැලිකන්ද මුලික රෝහලේ 22 දෙනෙකු ඉරණවිල රෝහලේ 06 දෙනෙකු ඒ අතරට අයත්ය.

එමෙන්ම වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 56 දෙනෙකු සුවය ලබා මේ වන විට රෝහල්වලින් පිටව ගොස් ඇත.මේවනවිට කොරෝනා රෝගය හේතුවෙන් මිය ගිය සමස්ත මෙරටදී මියගිය ලාංකිකයන් සංඛ්‍යාව 07කි.