කොරෝනා ආසාදිතයින් ගණන අටක් දක්වා ඉහළට

ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන අට දක්වා ඉහළගොස් තිබේ.මේ මොහොත වනවිට මුළු ආසාදිත පිරිස අට දෙනෙකි.

මේ අතර මුලින් තහවුරු කර ගත් මාර්ගෝපදේශකයින් දෙදෙනාට අමතරව ඊයේ දිනයේදි වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු කර ගත් පුද්ගලයින් තිදෙනෙකුද වාර්තා විය.

මෑතකදි ජර්මනියේ සංචාරය කර මෙරටට පැමිණි 41 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ඒ අතර වන අතර ඔහු මේ වන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

අනෙක් පුද්ගලයින් දෙදෙනා වන්නේ ඉතාලියේ සිට පසුගිය 11දා මෙරටට පැමිණ කන්දකාඩු නිරෝධානය මධ්‍යස්ථානයේ රදවා සිටි අයයි.

37 හා 43 යන වයස්වල පසුවු ඔවුන් දෙදෙනා මේ වන විට පොළොන්නරුව මහා රෝහලේ හා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
අවසානයට රෝගය වැලඳුණු පුද්ගලයා පිළිබඳ තවමත් නිශ්චිත තොරතුරක් මාධ්‍යවෙත ලබා දී නැත.