කොණ්ඩ රිස්වාන් අත්අඩංගුවට

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට මරණීය දණ්ඩනය නියමව සිටින දෙමටගොඩ චමින්දගේ රියදුරු  බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරකට අනුව කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහොමඩ් ෆාරුක් මොහොමඩ් රිස්වාන් නොහොත් “කොණ්ඩ රිස්වාන්“ නමින් හඳුන්වන මොහු පදිංචිව සිටි මාකොළ කනත්ත පාරේ පිහිටි කුලී නිවස පොලීසිය පරීක්ෂා කිරීමේදී එහි තිබී හෙරෝයින් ග්‍රෑම් 05ක්, ජංගම දුරකථන 05ක් බැංකු පොත් තුනක් හා බැංකු කාඩ්පත් 03 ක් සොයාගැනීමට පොලීසිය සමත්විය.

මොහු 2015 වසරේ ජූලි මස 31 වනදා බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ දී හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ දේශපාලන රැස්වීමකට සහභාගි වූ “ආමි සම්පත්“ ඉලක්ක කර එල්ල කළ වෙඩි ප්‍රහාරයට ආධාර අනුබලදීම යටතේ මොහුට චෝදනා එල්ල වී තිබේ.