කෘෂි සහ වැවිලි කර්මාන්තය නඟාසිටුවීමට ස්ථීර ප්‍රතිපත්තියක් ගේනවා.ගෝඨාභය කියයි.

තමා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සියලු කරුණු තම පාලන කාලය තුළදීම ඉටු කරන බවට ජනතාවට සහතික වන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ(05) කඩුගන්නාවේ පැවති ජනරැලියක් අමතමිනි.

සාර්ථක දැක්මක් වැඩකරන රටක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර පවත්වන ජනරැලි මාලාවේ තවත් රැලියක් යටිනුවර ආසනය කේන්ද්‍ර කර ගනිමින් කඩුගන්නාව සුනිල් එස්.අබේසුන්දර ක්‍රීඩාංගනයේදී ඊයේ පැවැත්වුණි.

සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කෘෂිකාර්මාන්තය සහ වැවිලි කර්මාන්තය පිළිබඳව වැඩි අවදානයක් යොමු කර ඇති බව සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළේය.

විශාල විදේශ විනිමක් රටට ගෙන තේ, පොල්, රබර් යන වැවිලි බෝග සියල්ලම අද වන විට කඩා වැටී ඇති බව ඒ මහතා පැවසීය.

සිය ප්‍රතිපත්තිය යටතේ කෘෂිකර්මය ආරක්ෂා කරන වැඩපිළිවෙළක් යොදා ඇති බව ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටක් පැවසීය.