කුලී රථ රියැදුරන්ගෙන් පොලීසිය විශේෂ ඉල්ලීමක් කරයි.

ත‍්‍රීරෝද රථ රියදුරන් සහ ප‍්‍රවාහන සේවා සපයන කුලී රථ රියදුරන් සිය වාහනයේ ගමන් කරන පුද්ගලයින් පිළිබඳ සටහනක් තබා ගන්නා ලෙස පොලීසිය ඉල්ලා සිටී.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව සදහන් කළේය.

ඇතැම් පුද්ගලයින්ට කොරෝනා වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳ මෙතෙක් හෙළි කරගැනීමට නොහැකි වි ඇති බැවින් එවැනි ගමන් සටහනක් තබාගන්නා ලෙස ඉල්ලීමක් කරයි.