කළුබෝවල රෝහල අසලින් ගිය ජනපතිගෙන් නියෝගයක්

පසුගිය දිනක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළුබෝවල රෝහල අසලින් ගමන් කළ අවස්තාවකදී එම රෝහලවෙත රෝගීන් බැලීමට පැමිණෙන පිරිස් දැඩි අවුරශ්මියෙන් පීඩා විඳිමින් තම වේලාව පැමිණෙන තෙක් බලා සිටින බව දැක තිබේ.ඒ මොහොතේම ඒ වෙනුවෙන් පිළියම් සැලසුම් කළ ජනාධිපතිවරයා දෙහිවල-ගල්කිස්ස මහනගර සභාවේ හිටපු නගරාධිපති ධනසිරි අමරතුංගට මේ බව දන්වා ඇති අතර ඔහුගේ සම්බන්ධීකරණයෙන් සෞඛ්‍යය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රෝහල් අධ්‍යක්ෂකවරයා සහ සෞඛ්‍යය අමාත්‍යාංශයේ ගොඩනැගිලි අංශයේ නිලධාරීන් මීට අදාළව කළුබෝවිල රෝහලේ නිරීක්ෂණයක යෙදුණි.එහි ප්‍රතිඵලයක් ලෙස මේවනවිට රෝගීන් බැලීමට පැමිණෙන පිරිස් සඳහා යකඩ බංකු සහ අවු රශ්මිය වලකාලන ආවරණ ඉදිවෙමින් පවතී.