කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගින් ගණන ඉහළට.

මේ වන විට මෙරටින් කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් 203 දෙනෙකු හදුනාගෙන ඇත. ඉන් වැඩිම පිරිසක් වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.එම සංඛ්‍යාව 45කි.

කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා වෙරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 32ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉන් ආසාදිතයින් 20 දෙනෙකුම හඳුනාගෙන ඇත්තේ බේරුවල සෞඛ්‍ය නිලධාරි කොට්ඨාසයෙන් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

අද දිනයේ කොරෝනා වෛසරය ආසාදනය වූ රෝගීන් සිව් දෙනෙකු හඳුනා ගැණුනු අතර ඔවුන් සියලු දෙනා පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සඳහා යොමු කර සිටි බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.