කටුනායකට ආ ගුවන්යානය මත්තලට.

කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබැස්ස වීමට පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කර තිබේ.

අද(15) බංගලාදේශයේ ඩකා නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 190 දරන ගුවන් යානය මෙලෙස මත්තල ගුවන් තොටුපළ ගොඩ බස්වා තිබේ.