කටානේ අවි ගබඩාවක් වටලයි.

කටාන මිරිස්වත්ත ප්‍රදේශයේ නීතිවිරෝධීව පවත්වාගෙන ගිය ආයුධ ගබඩාවක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වටලා ඇත.

ගුවන් හමුදා බුද්ධි ඒකකයට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරේ නිලධාරීන් විසින් අදාළ වැටලීම සිදුකර ඇත.

මෙහිදී ගිනි අවි 8ක් සහ උණ්ඩ 1171 ක් විශේෂකාර්ය බළකාය භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම මෙහෙයුමේදී  එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සොයාගත් ගිනිඅවි, උණ්ඩ සහ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කටාන පොලිස් ස්ථානයට භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.