එ.ජා.ප.ය දෙකඩවන ලකුණු

ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ රැස්වීමේදී පක්ෂ නායකත්වය පිළිබඳ ඒකමතික තීරණයකට පැමිණීමට නොහැකිවිය.එම සාකච්ඡාවට පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මන්ත්‍රවරුන් කියා සිටියේ අදහස් දෙකකි.එක් පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයට පත්විය යුතුය යන මතය දරන අතර ඇතැම් පිරිසක් සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දැරිය යුතුයයි ප්‍රකාශ කරන ලදී.

එම රැස්වීමේදී මන්ත්‍රීවරුන් අති බහුතරයක් සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට පත්විය. යුතු බව තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

එහෙත් ඊයේ පැවති රැස්වීමේදී කිසිදු එකඟතාවයකට නොපැමිණි බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් අද සිට සන්ධානයේ කටයුතු ආරම්භ කරන බවයි.