එ.ජා.ප. ය ආණ්ඩුවෙන් ඉවත්වේ?

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක් අද පස්වරු 04.30 අරලියගහ මන්දීරයේදී පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ කටයුතු කරන්නේ ද එසේත් නැතිනම් විපක්ෂයේ කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව එහිදි අවසන් තිරණයක් ගැනීමට නියමිත බවද සඳහන්ය.

මේ අතර තනතුරුවලින් ඉල්ලා අස්වී ආණ්ඩුව භාරදීමට සූදානම් බවට අද පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සීමිත අමාත්‍යවරුන් පිරිසකගෙන් සමන්විත භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට නියමිත බව ද සඳහන්ය.