එ.ජා.ප යේ නායකත්වය අද තීන්දු වේ?

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්විමක් අද(16) පස්වරු 05.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කරයි.

මේ අතර ඊයේ දිනයේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත් විය.

එම සාකච්ඡාවට අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය ලබා දෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බවය.

නායකත්වය සම්බන්ධයෙන් ඡන්දයක් පැවැත්වීමට අවධානය යොමු වූ බවත් පැවසු මන්ත්‍රීවරයා, රනිල් වික්‍රමසිංහ මහතා විසින් නායක්තවය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට එකඟත්වය පළ කළ හැකි බවද පැවසීය.