එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ලබන මාසයේ

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට ලබන මාසයේදී සුදුස්සකු තෝරා පත් කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා පවසයි. දැනටමත් මන්ත්‍රී ධුරය සඳහා කිහිපදෙනකුගේ නම් යෝජනා වී ඇති අතර, සුදුසුම කෙනා පත්කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය කරන බව ද විජේවර්ධන මහතා පැවසුවේ පසුගියදා බදුල්ල ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමිනි.