උසස් පෙළ ප්‍රතිඵල අප්‍රේල් එයි.

මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාසයේ දී නිකුත් කිරීමට කටයුතුකරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබන සිසුන් සැප්තැම්බර් මාසය වනවිට විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනීමට ද පියවරගන්නා බව අමාත්‍යවරයා කියා සිටී.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පැවති විවිධ අර්බුදකාරී තත්ත්වයන් හමුවේ වුවද උසස් පෙළ විභාගය සාර්ථකව පැවැත්වීමේ හැකියාව ලැබුණු බව අද පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ කරුණු පැවසීය.

මේ අතර බස්නාහිර පළාතේ  මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා   එළැඹෙන 25 වැනිදා පාසල් විවෘත කරන බවද අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.