උත්සව සමයේ බුද්ධිමත්ව කටයුතු කරන්න.යුද හමුදාපතිවරයා ඉල්ලයි.

එළඹෙන උත්සව සමයේ කොවිඩ් -19 වයිරසය  ව්‍යාප්තිය පාලනය අවම කර ගැනිම සඳහා නිසි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපඳින ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවට කියා සිටී.

කොවිඩ් ඉදිරියේ හැසිරිය යුතු ආකාරය පිළිබඳ ශ්‍රී ලාංකික ජනතාවට ඉතා හොඳ අවබෝධයක් ඇති බව ද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

ඒ දැනුම මත කොවිඩ් ආසාදිතයෙක් නොවී සිටීමට සියලු පුරවැසියන් කටයුතු කළ යුතු බව ද යුද හමුදාපතිවරයා අවධාරණය කර සිටියේය.