උත්සව සමයේ බීමත් රියැදුරන් කොටු කරන විශේෂ මෙහෙයුමක්.

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව සමයේදී බීමත්ව රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පවසයි.

අප්‍රේල් 10 වනදා සිට සිට මෙම විශේෂ මෙහෙයුම ආරම්භ කිරීමට සැලසුම්කොට තිබේ.

මේ වන විටත් අදාල අංශ වෙත ස්වසන වායු උපකරණ ලබාදී තිබෙන බවත්, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන පුද්ගලයින් පිළිබඳව අවධානයෙන් කටයුතු කරන බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

රිය අනතුරුවලින් දිනකට පුද්ගලයි 08 දෙනෙක් පමණ මියයන බව පවසන ඒ මහතා එය අවම කිරීමට අවශ්‍ය සියලු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද පවසයි.