ඊයේ දිනයේ පමණක් නිරෝධායන නීති කඩකළ 34ක් අත්අඩංගුවට

නිරෝධායන නීතිය කඩ කළ 34 දෙනෙකු ඊයේ දිනයේ අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි.

ඔක්තෝම්බර් 30 වන දා සිට මේ දක්වා පුද්ගලයින් 1215ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.

මුහුණු ආවරණ නොපැළඳීම හා සමාජ දුරස්ථභාවය කඩ කිරීම නිසා බොහෝ පිරිසක් අත් අඩංගුවට පත් වී ඇත.