ඉන්ධන,ගෑස් විදුලි අර්බුදයක් එන්නේ නෑ.ඇමැති මහින්ද කියයි.

කිසිඳු ආකාරයක ඉන්ධන හෝ ගෑස් හිඟයක් ඇති නොවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

හම්බන්තොට ප්‍රදේශයේදී අද(28) මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

මේ අතර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පවසා සිටියේ, පවතින තත්ත්වය හමුවේ විදුලි අර්බුදයක් ද ඇති නොවන බවයි.

ඒ වෙනුවෙන් අත්‍යාවශ්‍ය සේවා සහ සියලු කටයුතු සංවිධානයකොට ඇති බවද ඒ මහතා කිය සිටියේය .