ඉදිරි සති දෙක දැඩි අවධානම්

කොවිඩ් 19 වෛරසය මේවනවිට ශ්‍රි ලංකාවේ පැතිරයමින් පවතී.
කොවිඩ් 19 වෛරසයේ දෙවැනි නැගිටීමක් ඉදිරි සති දෙක තුළ අපේක්ෂා කළ හැකි බැවින් දැඩි පාලනයකට යා යුතු බව විශේෂඥ වෛද්‍ය විද්‍යාලවල සභාපතිවරුන් සෞඛ්‍ය අමාත්‍යංශයට කරුණු  පැහැදිලි කොට තිබේ.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරටදී සිදු වූ හය වැනි මරණය අද උදෑසන වාර්තා වූයේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතන රෝහලෙනි.

දෙහිවල අරුණාලෝක මාවතේ පදිංචිව සිටි වයස අවුරුදු 80 ක පුද්ගලයෙකු මෙලෙස මියගියේය.

මාර්තු 27 වනදා කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණු ඔහු මාර්තු 30 වනදා කොවිඩ් නයින්ටීන් වෛරසය අසාදිතයකු බවට හදුනා ගැනිමෙන් අනතුරුව  අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතන ඇතුලත් කරනු ලැබුවේය.

මෙලෙස මියගිය පුද්ගලයාගේ දියණියගේ සැමියා සංචාරක මගපෙන්වන්නෙක් වන අතර ඔහු ඇතුලු මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ මුණුබුරාද මෙවන විට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතන රෝහලේ ප්‍රතිකාර ගනු ලබයි.

ඔහුගේ දේහයේ ආදාහන කටයුතු ජාත්‍යන්තර නිරෝධායන පනතේ රෙගුලාසි වලට අනුකූලව කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදුකෙරුණි.

ඉදිරි දින 14ක කාලය තුළ තම නිවෙස්වල රැඳෙමින් වෛද්‍ය උපදෙස් සහ ආරක්ෂක අංශවල උපදෙස් නියමාකාරයෙන් පිළිපදින ලෙස ජනතාව වෙත අදාල අංශ කියා සිටී.