ඇඳීරි නීති සීමාවන් ලිහිල් කිරීම ගැන යුද හමුදාපතිවරයා කියයි.
ඉදිරි දින කිහිපය තුළ දී පනවා ඇති ඇඳීරි නීති සීමාවන් ලිහිල් කිරීමේ හැකියාව පිළිබඳ බලාපොරොත්තු තබා ගත හැකි බව යුද හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොරෝනා වයිරස් ආසාදිතයින් හමු වූ ප්‍රදේශ පිළිබඳ සහ සෞඛ්‍ය අංශවල උපදෙස් මත අදාළ සීමාවන් ලිහිල් කිරීමට නියමිතය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ඒ් සම්බන්ධයෙන් කටයුතු කරන අංශ සමඟ සාකච්ඡා කර ඇතැම් විට ඉදිරි පැය කිහිපයේ දී හෝ දින දෙකක පමණ කාලසීමාවකදී ඇදිරි නීති සීමාවන් ලිහිල්කිරීමේ ක්‍රමවේදය පැහැදිලි කරනු ඇතැයි යුද හමුදාපතිවරයා සදහන් කරයි.