ඇඳිරිනීතිය දිගු කළේ ඔබේ ආරක්ෂාව වෙනුවෙන්.යුද හමුදාපතිවරයා කියයි.

රටේ ජනතාව කොරෝනා රෝගයෙන් ආරක්‍ෂා කර ගැනීමේ අරමුණ ඇතිව ඉදිරි දින කිහිපය තුළද ඇඳිරි නීතිය පැනවීම සංශෝධනය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද(30) උදෑසන සදහන් කළේය.

විවිධ ප්‍රදේශවල ජීවත්වන නාවික හමුදා රණවිරුවන් නිවාඩු ගොස් සිටි බැවින් ඒ පිළිබඳ  ජනතාව යම් සැකයකින් සිටින නිසාවෙන් මෙම තීරණය ගැනීමට හේතු වූ බව ඔහු සදහන් කළේය.

කෙසේ නමුත් නාවික හමුදාව පමණක් නොව ත්‍රිවිද හමුදාවෙම අවශ්‍ය කරන හා සැක සහිත සියලු දෙනා දැනට නිරෝධායන කටයුතු සදහා යොමු කර තිබෙන බවත් වෛරසය පැතිරයාම වළක්වාගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් යුද හමුදාපතිවරයා පැවසීය.

අද(‍30) රාත්‍රී 08.00 සිට මැයි මස 4 වනදා උදෑසන 05.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්කවලට පැනවූ ඇදිරි නීතිය අද උදෑසන 05.00 ට ඉවත් කෙරුණි. එම දිස්ත්‍රික්ක සඳහා අද රාත්‍රී 08.00 ට යළි ඇඳිරි නීතිය පැනවෙන අතර එය මැයි මස 4 වන සඳුදා උදෑසන 05.00 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මකය