ආර්ථිකය පණගන්වා ව්‍යාපාරිකයන් දියුණු කරනවා.ගෝඨාභය කියයි.

ආර්ථිකය පණගන්වා ව්‍යාපාරිකයින් දිරිගන්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ මහනුවරදී පැවති ජනහමුවක් අමතමිනි.

සාර්ථක දැක්මක් වැඩකරන රටක් තේමාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර පවත්වන ජනරැලි මාලාවේ තවත් ජන රැලියක් ඊයේ පැවැත්වුණේ මහනුවර පොදු වෙළෙඳපොල ඉදිරිපිටදීය.

ඒ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධනත්වයෙනි.

මෙහිදී අදහස් දැක්වු ගෝඨාභය මහතා කියා සිටියේ, ආර්ථිකය පණ ගන්වමින් ව්‍යාපාරිකයන් දිරි ගැන්විය යුතු බවයි.

සෑම කේෂ්ත්‍රයක් තුළින්ම ආර්ථිකය දියුණු කර විදේශ විනිමය ගෙනැවිත් රැකියා බහුල කිරීමට පහසුවෙන්ම හැකි බවත් පැවසු ඒ මහතා, එයට අවශ්‍ය හරි නායකත්වයක් හා දැක්මක් බවත් පැවසීය.

සෑමදාම අභියෝග බාර ගන්නා පිරිසක් බවත් පැවසු ගෝඨාභය මහතා, මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි විශ්වාසය තැබු බවත් තමා ගැන ද එවැනි විශ්වාසයක් තබන ලෙසත් තමාට බාර දුන් සියලු වගකීම් තමා අවසන් කර ඇති බවත් කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ මහනුවරට පැයෙන් පමණ ළඟා වීමට හැකි වෙන්න තිබු නමුත් “අධිවේගී මාර්ගය කිරිඇල්ලගේ සාක්කුවේ“ යනුවෙනි.

මහනුවර සුන්දර නගරයක් බවට තමා පත් කරමින් පැමිණි බවත් ඒ වැඩ පිළිවෙල සම්පූර්ණයෙන් ඇණ සිටි බවත් කියා සිටි මහින්ද රාජපක්ෂ මහතා, 16 න් පසුව සුන්දරම නගරය වන්නේ මහනුවර බවත් පැවසීය.

ගෝඨාභය මහතා රටේ ජනපති බවට පත් කර දිනට ඔබත් දිනුම් යනුවෙන්ද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය.