ආපස්සට ගිය රට ගොඩනැගීම අපගේ ප්‍රධාන අරමුණයි.අගමැති කියයි.

දේශ­පා­ලන වශ­යෙන් පන්න පන්නා පළි­ග­න්නවා වෙනු­වට අවු­රුදු හත­ර­හ­මා­රක් ආප­ස්සට ගිය රට ඉදි­රි­යට ගෙනයාමට වග­කී­මක් රජයට පැවරී ඇති බව අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා කියා සිටියේය.

අවු­රුදු හත­ර­හ­මා­රක් ආප­ස්සට ගිය රට ඉදි­රි­යට ගෙන­යෑමේ වග­කීම රජ­යට පැවරී ඇති බවත් රට වෙනු­වෙන් ජන­තා­වට වූ පොරො­න්දු ඉටු කිරීමට සහ ජන­තා­වගේ සුබ­සි­ද්ධි­ය උදෙසා කට­යුතු කිරී­මට කැප­වෙන බවත් අග­මැ­ති­ව­රයා මෙහිදී ප්‍රකාශ කළේය. 

කීර්ති ශ්‍රී වාගී­ශ්වර වින­යා­චාර්ය ගෞර­වාර්හ පූජ්‍ය කොක්කා­විට විපු­ල­සාර නායක ස්වාමීන් වහන්සේ වෙත ශ්‍යාමෝ­පාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ කළු­තර දිස්ත්‍රික්ක හා බෙන්තර වල­ල්ලා­විට කෝර­ළයේ ප්‍රධාන සංඝ­නා­යක පද­විය පිළි­බඳ අක්ත­පත්‍ර ප්‍රදා­නය සහ සුවි­ශේ­ෂීව ඉදි කළ පහන් මන්දි­රය විවෘත කිරීමේ උත්ස­ව­යට එක්වෙ­මින් ඊයේ(16) පැවති උත්සවය අම­ත­මින් රාජ­පක්ෂ මහතා මේ බව කියා සිටි­යේය. 

කොක්කා­විට විපු­ල­සාර නායක ස්වාමීන් වහන්සේ වෙත අක්ත­පත්‍ර ප්‍රදා­නය කිරීම මල්වතු පාර්ශ්වයේ අනු නායක නියං­ගොඩ විජි­ත­සිරි අනු නා හිමි­යන් විසින් සිදු­ක­රනු ලැබූ අතර විජි­නි­පත ප්‍රදා­නය කිරීම අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා විසින් සිදු­ක­රනු ලැබීය.