අලිමංකඩවල්වල පෙට්ටි ගෙවල් හදලා ජනතාව ණයකාරයින් කළ අයට කිසිවෙක් ඡන්දේ දෙන්නේ නෑ! අගමැතිවරයා කියයි.

අද ඇතැම් නායකයන් තමන්ගේ පක්ෂය සහ තමන්ගේ ඡන්දදායකයන් අතහැර පළා යන බවත්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව ස්ථිර පළපුරුදු දේශපාලන නායකත්වයක් තියෙබන බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලුණුගම්වෙහෙර පැවති ජන හමුවක් අමතා ප්‍රකාශ කළේය.

අද එක්සත් ජාතික පක්ෂය දෙකඩ වෙලා. පක්ෂයට හරිහමන් නායකයෙක් නෑ. රට පුරා එජාප පාක්ෂිකයෝ විතරක් නෙමෙයි ඡන්ද අපේක්ෂකයොත් අතරමං වෙලා.
යහපාලන ආණ්ඩුව කාලේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් වැය කරලා පාලම් බෝක්කු හැදුවා. මේ හින්දා ඒ් අරමුදල පිහිටුවීමේ අරමුණු වුණ පුරාවිද්‍යාත්මක උරුමය සංරක්ෂණය කර රැක බලා ගැනීම වගේම කුඩා විහාරස්ථාන සංවර්ධනය කිරීමත් සම්පූර්ණයෙන්ම අඩාල වුණා.
අපේ ආණ්ඩුව යටතේ ගණක් කර කර ගෙවල් හැදුවේ නෑ. නමුත් අපි නිවාස ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ඉදිකළා. යහපාලන ආණ්ඩුව ගෙවල් දහයක් හැදුවා නම් ඒ මුදලට වඩා මුදලක් වියදම් කරලා නිවාස ව්‍යාපෘතියක් විවෘත කරනවා කියලා රට පුරා පෝස්ටර් ගැහුවා.
ඒ විතරක් නෙමෙයි මේ අය නිවාස ව්‍යාපෘති කියලා අලිමංකඩවල්වල කුඩා කුඩා ගෙවල් හදලා දුප්පත් ජනතාව සදාකාලික ණය උගුලක හිර කළා. මේ වගේ කිසිම වැඩපිළිවෙළක් නැති නායකයන් ප්‍රතික්ෂේප කරන්න ජනතාව දෙවරක් හිතන්නේ නෑ.
යයිද අගමැතිවරයා කියා සිටියේය.