අපට තියෙන්නෙ එක මනාපයයි.ඒ පොහොට්ටුව විතරයි.ප්‍රසන්න රණතුංග කියයි.

ඡන්දය ලබා දීමේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පොහොට්ටුව ලකුණ ඉදිරියෙන් නිවැරදිව කතිර ලකුණ යොදන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

යක්කල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ මනාප ගැන නොසිතා පොහොට්ටුව ඉදිරියේ කතිරය ගසන ලෙසටය.රට දිනවන එකම මනාපය එය බව ඒ මහතා කියා සිටියේය.