අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම් 13ක සංචරණය සීමා කළ යුතුයි.පළාත් සෞඛ්‍ය බලධාරින් රජයට යෝජනා කරයි.

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන්අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම් 13ක සංචරණය සීමා කළ යුතු බවට පළාත් සෞඛ්‍ය බලධාරින් රජයට යෝජනා ඉදිරිපත් කර තිබේ.

කොවිඩ් වෛරසය ආසාදනය නාවික හමුදා සෙබලුන් 09 දෙනෙකු මේ වන විටත් දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති අතර ඔවුන් ගමන් කළ ප්‍රදේශ මේ වන විටත් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

ඊයේ (28) රාත්‍රී 10.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් අට දෙනෙකු වාර්තා වු අතර එයින් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 619 ක් දක්වා වැඩි විය.

ඒ අනුව ඊයේ දිනය තුළ කෙරෝනා ආසාදිතයින් 31 දෙනෙකු වාර්තා වී තිබේ.

ඔවුන්ගෙන් ආසාදිතයින් 21 දෙනෙක් නාවික හමුදාවේ සෙබළුන් බවත්, 6 දෙනෙකු එම නාවික‍යින්ගේ සමීපතමයින් වන අතර සෙසු අසාදිතයින් 4 දෙනා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බවත් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.