අන්තවාදී සංවිධානවල වත්කම් රාජසන්තක කිරීමට පියවර ගනී

තහනම් කරන ලද ඉස්ලාම් අන්තවාදී සංවිධාන සතු වත්කම් රාජසන්තක කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

එම සංවිධානවල නායකයින්ගෙන් මේ වන විට ඒ පිළිබඳ තොරතුරු ලබා ගනිමින් සිටින බව හෙතෙම පවසයි.

කොළඹ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නලට පිළිතුරු දෙමින් සරත් වීරසේකර අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ වන විට අන්තවාදි සංවිධාන 11ක් තහනම් කර ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.