අන්තවාදී  ත්‍රස්තවාදයට ඉඩ තියන්නේ නෑ.ගෝඨාභය කියයි

සිය පාලනයක් යටතේ අන්තවාදි ත්‍රස්තවාදයට ඉඩ නොතබන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කිරිඳිවැල නගරයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනරැලි මාලාවේ තවත් ජන රැලියක් ඊයේ (02) පස්වරුවේ කිරිඳිවැල නගරයේ දී පැවැත් විය.

එහිදි අදහස් දැක්වු ඒ මහතා පැවසුවේ පසුගිය ආණ්ඩුව සමයේ යුද්ධය අවසන් කළ පසුව එය නැවත ඇති නොවීමට ආරක්ෂක වැඩිපිලිවෙලක් ඇති කළ බවයි.

එම නිසා එම සමය තුළ කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවක් ඇති නොවුන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

වත්මන් ආණ්ඩුව ජාකි ආරක්ෂාව කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකළ බවත් විදේශීය බලපෑම් වලට යටත් වෙමින් සිටින බවත් ඒ මහතා පෙන්වා දෙයි.

රණවිරුවන් අඩපණ කරමින් බුද්ධි අංශ නිලධාරින් සිරගත කළ නිසා නැවත් මෙරට තුළ බෝම්බ පිපිරීම් සිදු වු බවද ගෝඨාභය මහතා පෙන්වා දෙයි.